බ්ලූ ඩයමන්ඩ් හිමිකම් නිකුතුව අවලංගුයි

    June, 4, 2019

    බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී විසින් 2018 පෙබරවාරි 28 දින ප්‍රකාශයට පත්කරන ලද හිමිකම් කොටස් නිකුතුව අවලංගු කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    රටේ පවතින අරුබුදකාරීත්වය හා පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සලකා බලා මෙම පියවර ගත් බව සමාගම් වැඩිදුරටත් දැනුම් දී සිටී.

    සමාගම විසින් මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට බලාපොරොත්තු වු මුදල රු. මිලියන 373.64 කි.