ද්විත්ව බදුකරණය වළක්වන්න ඩෙන්මාර්කය සමඟ ගිවිසුමක්

    June, 7, 2019

    දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කරගැනීමේ අපේක්ෂාවෙන් ආර්ථික කටයුතුවලදී ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු ගෙවීම මඟ හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර නිලධාරි මට්ටමින් ගිවිසුමකට එළඹ ඇත.

    එසේ එළඹ ඇති ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමට සහ එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.