July, 4, 2019
සංචාරක කර්මාන්තය පදනම් කර ගත් ලොව ප්‍රමුඛ පෙළේ සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාව, ශ්‍රී ලංකාව යළිත් වරක් ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙස නම් කිරීම, මෙරට සංචාරක කර්මාන්තයට විශාල ධෛර්යයක් සපයන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ලෝන්ලි ප්ලැනට් සඟරාව විසින් ශ්‍රී ලංකාව ලොව අංක එකේ සංචාරක ගමනාන්තය ලෙසින් නම් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්පූර්ණ ප්‍රකාශය පහතින් දැක්වේ.
“මේ අවුරුද්දේ ආරම්භයේ දී සංචාරකයින් විසින් ගමන් කළ යුතු ලෝකයේ හොඳම ස්ථානය හැටියට ශ්‍රී ලංකාව නම් කරලා තිබුණා. ඒ කළේ ප්‍රසිද්ධ සඟරාවක් වන ලෝන්ලි ප්ලැනට් සඟරාව. ඒත් පාස්කු බෝම්බ පිපිරීමෙන් පසුව සංචාරකයෝ රටින් පිටවුණා. අපි සියලු දෙනාම හිතුවා, ඒ ලෝන්ලි ප්ලැනට් සඟරාව අපිට දුන්න, ස්ථනය ඇත්තවශයෙන්ම නැති වුණා කියලා.“
“ඒත් ගිය සතියේ ලෝන්ලි ප්ලැනට් ආපහු සඳහන් කරලා තියෙනවා, ප්‍රශ්න තිබුණාට, මේ වෙනකනුත් සංචාරකයින් විසින් පැමිණිය යුතු හොඳම තැන ලංකාව කියලා. අපිට කරදර තිබුණා. ඒත් ලංකාවේ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව හිනාවෙලා අපිව පිළිගත්තා. රට වටේ ගියා, ප්‍රශ්න තිබුණේ නැහැ. එහෙනං මේ ප්‍රකාශයෙන් අපිට විශාල ධෛර්යයක් ලැබෙනවා. සංචාරක ව්‍යාපාරය නඟාසිටුවන්න ආණ්ඩුවෙන් පියවර කිහිපයක් අරගෙන තියෙනවා. තවත් පියවර කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.“
“ඒ වගේම මේ සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කරන්න, ක්‍රියා කරපු ඒ ක්ෂේත්‍රයේ ලොකු කුඩා සියලු දෙනාටම මම විශේෂයෙන්ම ස්තුති කරනවා. අප්‍රේල් 21 වෙනිදා දවල් වරුවේ මම මුණගැහිලා, ඊට පස්සේ ක්‍රියා ආරම්භ කරපු ආරක්ෂක අංශයටත් මම ස්තුති කරනවා, මාස 02 කින් මේ ISIS ත්‍රස්තවාදීන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීම පිළිබඳව. අපිට එහෙනං විශ්වාසයක් ඇති කරන්න පුළුවන්, මේ රටේ සංචාරක ව්‍යාපාරය වැඩිකල් යන්න ඉස්සෙල්ලා, මේ රටට යළිත් ආදායම් ලබලා දෙයි, සංචාරකයින් ලබලා දෙයි කියලා.“
Video Story