ශ්‍රී ලංකාව සහ ටැන්සානියා එක්සත් ජනරජය අතර ගුවන් සේවා ගිවිසුම අත්සන් තැබීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.
2018 දෙසැම්බර් මසදී කෙන්යාවේදී දෙරටෙහි ගගනනාවුක අධිකාරින් අතර පවත්වන ලද සාකච්ඡාවේදී එකඟ වන ලද කරුණු මත පදනම්ව එකී ගිවිසුම සංශෝධනය කර ක්‍රියාත්මක කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.