July, 24, 2019
මෙරට ග්‍රාමීය ප්‍රජාව ආශ්රිත ව්‍යවසායකයින් ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගන්වා ඔවුන්ගේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට පියවර ගැනේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ෆේස්බුක් ආයතනය එක්ව මෙය ක්‍රියාවට නංවා තිබේ.
මේ අනුව විශේෂයෙන් ෆේස්බුක් සමාජ ජාලය තම ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා යොදා ගැනීමට හැකි ආකාරය පිලිබඳව දැනුම ලබා දීම සිදුකෙරේ.
මෙහි මුල් අදියරේදී ස්මාර්ට් සමාජ කව හා සම්බන්ධ වී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දස දහසකට පමණ පුහුණුව ලබාදීමට නියමිතය.
මෙහි සමාරම්භක අවස්ථාව නොබෝදා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ ඇමති අජිත් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතරදී පැවැති අතර එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ස්මාර්ට් සමාජ කව හා සම්බන්ධ කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යසායකයින් හත්සියයක් පමණ දෙනා සහභාවී සිටියහ.
ඉදිරියේදී දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ස්මාර්ට් සමාජ කව හා සම්බන්ධ වෙමින් ෆේස්බුක් සමාජ ජාලය හරහා තම ව්‍යාපාර දියුණු කර ගත් ව්‍යසායකයින් මෙහිදී සිය අත්දැකීම සෙසු අය සමග බෙදා හදා ගැනීමද විශේෂ සිද්ධියක් විය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහචාර්ය රොහාන් සමරජීව මහතා ද මෙම අවස්ථාවට සහභාගිවිය.
Video Story