July, 24, 2019
වැට් බද්දට අදාළව 2019 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල සඳහන් කරන ලද ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා ද, දේශීය ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා ඇතැම් දේශීය කර්මාන්ත දිරි ගැන්වීම සඳහා ද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි.
එසේම ඉදිකිරීම්, සංචාරක සේවා, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය හා ඇතැම් පිරිසැකසුම් කර්මාන්තවලට අදාළව බදු සහන සැලසිමත් දුම්වැටි නිෂ්පාදනය ජාතිය ගොඩනැඟිමේ බද්දට යටත් කිරීමද ඇතුළුව ජාතිය ගොඩනැඟීමේ බද්දට අදාළව 2019 අයවැය මඟින් යෝජනා කරන ලද සංශෝධන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ඇතුළත් කර 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය ම ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story