July, 25, 2019
වන අලින් පළවා හැරීමට හැකි සුගන්ධයක් නිකුත් කරන ආකාරයෙන් නිර්මාණය කර ඇති සුවඳ දුම් කූරක් පරීක්ෂණ මට්ටමෙන් අත්හදා බැලීමේ කටයුතු මේ දිනවල වනජීවී නිලධාරීන් විසින් නිකවැරටිය සහ ගල්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව සිදුකෙරෙමින් පවතී. මේ යටතේ නිකවැරටිය, තිඹිරියාව, නාවාන
ප්‍රදේශයේ වැසියන්ට සුවඳ දුම් කූරු සාම්පල බෙදා හැරීමේ වැඩසටහනක් පසුගියදා එම ග්රාවමයේ දී වනජීවී නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙම සුවඳ දුම් කූර ස්වභාවිකවම අලින් අකමැති සුවඳ වර්ග 5ක් විශේෂ ක්‍රමවේදයකට සම්මිශ්‍රණය කර නිෂ්පාදනය කරන ලද්දකි. මෙම ස්වභාවික අමුද්‍රව්‍ය 5 වන්නේ ඉඟුරු, සේර, පැඟිරි, ගං කොලන් හෙවත් පැචෝලි සහ පැල්මාරෝසා යන ශාකසාර අමුද්‍රව්‍යයි. අඟල් 12ක පමණ දිගින් යුතුව, මිලිමීටර 3ක පමණ විෂ්කම්භයකින් යුතුව නිර්මාණය කර ඇති මෙම නව සුවඳ දුම් කූර පැය 5½ ත් 6 ත් අතර කාලයක් දැල්වෙයි. මෙම සුවඳ කූර නිර්මාණය කර ඇති ආකාරයේ විශේෂත්වය වන්නේ මෙහි සුවඳ විහිදීම සාමාන්යක සුවඳ කූරුවලට මෙන් සෑම අතටම නොවීමයි. ඒ අනුව මෙම නව සුවඳ කූරේ දුම විසිරීම සිදු වන්නේ පොළොවට සමාන්තරව තිරස් අතට පමණිත මේ නිසා මෙහි සුවඳ මීටර 20 ක පමණ දුරකට සාර්ථකව විහිදී යාම සිදු වේ.
අලි ඇතුන් සැලකෙන්නේ ලොව සුවඳට වඩාත්ම සංවේදී සත්ත්ව විශේෂයක් ලෙසයට. එමෙන්ම අලි ඇතුන් ස්වභාවිකවම අකමැති සුවඳ පිළිබඳව පිළිගත් ජනවහර තුළ දැනුවත් බවත් පවතී. මෙම සුවඳ කූර පිළිබඳව සංකල්පය බිහිවන්නේ මෙම සරල අදහස මත පදනම්වයත මෙම ව්යා ඵෘතියේ සුවිශේෂීත්වය වන්නේ එදිනෙදා සරල අදහසක් තුළින් ජනතාවට සහ පරිසරයට, වන සතුන්ට බලපාන දැවැන්ත ගැටළු විසඳීමට හැකි බව මෙයින් පසක් කිරීමයි. මෙම ව්යා,යාමය හරහා තවත් නව අදහස් ඇති ශ්‍රී ලාංකිකයින් නවෝත්පාදනයන්ට යොමු වනු ඇතැයි මෙහි නිර්මාතෘවරුන් අපේක්ෂා කරයි.
වනජීවී නිලධාරීන් පවසන ආකාරයට මේ දක්වා කෙරී ඇති පර්යේෂණ සාර්ථක ප්‍රතිඵල දක්වා ඇති අතර වැඩිදුර පර්යේෂණ අඛණ්ඩවම සිදුකෙරෙමින් පවතින මෙම නිෂ්පාදිතය දියත් කරනු ලැබූ Aura සමාගම කියා සිටී.
Video Story