July, 26, 2019
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටා තිබූ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සියලුම ආයතනික කාර්යාල දැන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිහිටි ශ්‍රීලංකන් ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයේ මූලස්ථානය වෙත ගෙන ගොස් ඇත.
ඒ අනුව, නැවත ස්ථානගත කරන ලද ආයතනික කාර්යාලවල ලිපිනය ‘ගුවන් සේවා මධ්‍යස්ථානය, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල, කටුනායක’ලෙස වෙනස් කර ඇති අතර එම කාර්යාල වලට අදාල දුරකතන අංක සහ විද්‍යුත් ලිපින වල වෙනසක් සිදු වී නොමැත.
ගුවන් සමාගමේ ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානයේ දුරකතන අංකය 1979 (ශ්‍රී ලංකාව තුළ) සහ +94117 77 1979 (ලොව පුරා) මගින් පාරිභෝගිකයින්ට ඔවුන්ට අවශ්‍ය තොරතුරු විමසීම් සඳහා සහාය ලබා ගත හැකිය. එසේ නොමැතිනම් වැඩිදුර තොරතුරු සඳහා srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.
ශ්‍රීලංකන් විකුණුම් අංශය, ෆ්ලයිස්මයිල්ස්, ගෝලීය සම්බන්ධතා මධ්‍යස්ථානය සහ ගුවන් භාණ්ඩ විකුණුම් කාර්යාල ඔවුන්ගේ වර්තමාන ස්ථානවල සිට අඛණ්ඩව ක්‍රියාත්මක වනු ඇත. එනම් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 3 වන මහළ, අයිස්ලන්ඩ් ගොඩනැගිල්ල, කොළඹ 03 සහ ඩි වොස් මාවත - කොළඹ 4 යන ස්ථාන වල පිහිටි සේවා ස්ථාන ඉදිරියටත් පහසු සහ සෘජු පාරිභෝගික සේවයක් සපයනු ඇත.
Video Story