July, 29, 2019
2019 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී ලංකා IOC සමාගම රුපියල් මිලියන 239.18 ක බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කර ඇති බව එම සමාගමේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. මෙහි ඇති විශේෂත්වය නම් 2018 වසරේ අප්‍රේල් - ජූනි කාර්තුව තුළ දී සමාගම විසින් රු. මිලියන 245.86 ක ලාභයක් වාර්තා කර තිබූ පසුබිමක මෙවන් අලාභදායීත්වයක් පෙන්නුම් කිරීමයි. තවද 2019 ජනවාරි - මාර්තු කාර්තුව තුළ දීද ලංකා IOC සමාගම රුපියල් මිලියන 938 ක බදු ගෙවීමෙන් පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබුණි.
ගෙවී ගිය කාර්තුව තුළ දී ලංකා IOC සමාගමේ ආදායම රු. බිලියන 19.11 සිට රු. බිලියන 18.43 ක් දක්වා පහත වැටී තිබෙන අතර මෙම වකවානුවේ දළ ලාභය රු. මිලියන 1,124 සිට රු. මිලියන 527 ක් දක්වා අඩු වී තිබේ.
2019 මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අප්‍රේල් මාසය වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබුණ ද උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීමේ අරමුණෙන් කිසිදු ඉන්ධන වර්ගයක මිල වැඩි නොකිරීමට අප්‍රේල් මාසයේ දී රජය විසින් තීරණය කරනු ලැබීය.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ මෙම තත්ත්වය ලංකා IOC සමාගමේ මූල්‍ය ප්‍රකාශන කෙරෙහි යම්කිසි ආකාරයක බලපෑමක් සිදුකර ඇති බවයි.

Video Story