July, 30, 2019
2019 ජූලි 24 දින වන විට රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය රු. මිලියන 142,310 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවකින් දැක්වේ.
2019 ජූලි 17 දින වන විට මෙම වටිනාකම රු. මිලියන 146,052 ක් ලෙසින් වාර්තා වේ. මේ අනුව 2019 ජූලි 17 - 24 සතිය තුළ දී රු. මිලියන 3,742 ක ආයෝජන රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් පිටතට ගලා ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2019 මැයි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි සඳහන් වන පරිදි වසරේ මුල් මාස 05 තුළ දී සමුච්ඡිත පදනම මත ඩොලර් මිලියන 90 ක ශුද්ධ ගෙවීමක් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් වාර්තා වී ඇත.
Video Story