August, 5, 2019
කියා මෝටර්ස් (ලංකා) ලිමිටඩ් හි කොටස් මිලියන 42ක් මහේන්ද්‍ර තම්බයියා මහතා වෙත අලෙවි කිරීමට, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන CM හෝල්ඩිංග්ස් පීඑල්සී තීරණය කර තිබේ. මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් CM හෝල්ඩිංග්ස් පීඑල්සී සඳහන් කර සිටින්නේ 2019 අගෝස්තු 02 දින මීට අදාළ ගිවිසුමට එළඹි බවයි.
මේ අනුව කියා මෝටර්ස් (ලංකා) ලිමිටඩ් හි 70% ක කොටස් හිමිකාරීත්වය මහේන් තම්බයියා මහතා සතු වන අතර ඒ වෙනුවෙන් ඔහු විසින් ආයෝජිත මුදල් රුපියල් මිලියන 714 කි. මහේන් තම්බයියා මහතා කියා මෝටර්ස් (ලංකා) සමාගමේ වත්මන් කළමනාකාර අධ්යක්ෂවරයායි.
Video Story