August, 6, 2019
ඉන්දියානු සාගර කලාපයේ සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වන සාමූහික ප්රයත්නයක කොටසක් ලෙස අගෝස්තු මස 1 වන දින සිට ඔස්ට්‍රේලියා, යුරෝපය සහ උතුරු ඇමරිකාව ඇතුළු රටවල් 48 ක පුරවැසියන්ට මාස 6 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නොමිලේ වීසා බලපත්‍ර ලබා දීම දේශීය සංචාරක කර්මාන්තය දිරිමත් කිරීමක් බව ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රකාශ කර සිටියි.
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම හෝටල්, සංචාරක ක්‍රියාකරුවන් , සංචාරක නියෝජිතයින් සහ සංචාරක කර්මාන්තයේ හවුල්කරුවන් රාශියක් සමඟ කටයුතු කරමින් මෙරට සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා වන ගෝලීය මූලාරම්භයන් රැසක් දැනටමත් ගෙන තිබේ.
මෙම පහසුකම අත්විඳින සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ නවීන ගුවන් යානා සමඟ ගමන් කළ හැකි අතර එහි ව්‍යාපාරික පන්තියේ සුවපහසු නිදන ආසන සහ ලෝකයේ උසස්ම සේවාව ඇතුළු නවීන තාක්ෂණයෙන් යුත් විනෝදාස්වාදය ලබා ගැනීමේ පහසුකම හිමිවනු ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී (World Travel Awards ) ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ලොව ප්‍රමුඛතම ගුවන්සේවය (‘World’s Leading Airline to the Indian Ocean’) ලෙස සම්මානයට පාත්‍ර වී ඇත. ශ්‍රීලංකන් ගුවන් සමාගම ආසියා සහ ඕස්ට්‍රලේෂියා ලෝක සංචාරක සම්මාන උළෙලේ දී (World Travel Awards Asia and Australasia ) ඉන්දියානු සාගර කලාපය වෙත පියාසර කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස ද සම්මානයට පාත්‍ර වී තිබේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 48 ගමනාන්ත 111 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමන්නාත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
Video Story