දීපාල් සම්පත්ට සමුදෙයි

    August, 6, 2019

    සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වූ දීපාල් සූරියආරච්චි මහතා 2019 අගෝස්තු 05 දින සිට බලපැවැත්වෙන පරිදි එම තනතුරින් විශ්‍රාම ගොස් තිබේ.

    2007 අංක 11 දරණ බැංකු පනතට අනුව යම් පුද්ගලයෙකුට ලැයිස්තුගත බැංකු සමාගමක අධ්‍යක්ෂ ධූරයක් දැරිය හැකි උපරිම කාලසීමාව වසර 09කි. ඒ අනුව දීපාල් සූරියආරච්චි මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස වසර 09ක කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව එම තනතුරින් විශ්‍රාම ගොස් ඇත.

    දීපාල් සූරියආරච්චි මහතා විකුණුම් අලෙවි ක්ෂේත්‍රය, වෙළෙඳපොළ ප්‍රචාරණය මෙන්ම මානව සම්පත් කළමනාකරණ සංවර්ධනය පිළිබඳව වසර 30කට අධික අත්දැකීම් ඇත්තෙකි.