2022 දී දෙලක්ෂයක ICT ශ්‍රම බලකායක්

    August, 7, 2019

    ශ්‍රී ලංකා  තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින්  2019 වසරේ ජාතික IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණ වාර්තාව ප්‍රකාශට පත් කෙරේ

    ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA), “IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණය 2019” පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (IT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (BPM) ශ්‍රම බලකායේ වපසරිය සහ සංයුතිය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමත්එමගින්මෙරට ශ්‍රම බලකාය සහ පුහුණු වෘත්තිකයන්ගේ සැපයුම සංසන්දනය කිරීමත්මෙම සමීක්ෂණයේ මූලික අරමුණු විය. තොරතුරු හාසන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ආයෝජන ආකර්ෂණය කර ගැනීම, විදේශ විනිමය ඉපයීම, රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ඵලදායීතාව වැඩිදියුණු කිරීම සහ නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම හරහා මෙරට ආර්ථිකය නැංවීම සඳහා පුළුල් හැකියාවක් පවතී.

     

    2022 වසර වන විට මෙරට ශ්‍රම බලකායේ 200,000 ක ඉලක්කය සපුරාගැනීම මූලික අරමුණ කර ගනිමින්මෙම සමීක්ෂණය මෙවර සිදු කෙරුණේ පස්වන වරටය. සමස්තයක් ලෙස මෙරට ICT ශ්‍රම බලකායේ ශීඝ්‍ර වර්ධනයක් ද එම ක්ෂේත්‍රයේ කාන්තා නියෝජනයේ කැපී පෙනෙන වර්ධනයක් ද පවතින බව සමීක්ෂණයෙන් පෙන්නුම් කර ඇත. මෙරට තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානත ම රාජ්‍ය ආයතනයවන ICTA ආයතනය, ICT ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම හරහා රජයේ ICT අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන අතර, ශ්‍රී ලංකාව නිර්මාණශීලි දැනුම් කේන්ද්‍රීය සමාජයක් බවට පරිවර්තනය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කර ඇත.

     

    “IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණවාර්තාව”ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේදී 2019 අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කෙරිණි. මෙහි ප්‍රධාන ආරාධිත වශයෙන් සහභාගී වූ ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ද ICTA ආයතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා ද මෙහිදී සිය අදහස් පළ කළහ.

     

    ICT සමාගම්, BPM සමාගම්, ICT නොවන සමාගම්, රාජ්‍ය ආයතන, අධ්‍යාපන ආයතන ආවරණය කරමින් සිදු කෙරුණු මෙම සමීක්ෂණයමගින් ශ්‍රම බලකායේ ශක්තිය, ස්ත්‍රී/පුරුෂ සංයුතිය, ඉල්ලුම සහ සැපයුම අතර පරතරය, කුසලතා පරතරය සහ ශ්‍රී ලංකාවේ සමස්ත ICT ශ්‍රම බලකා සැපයුම පිළිබඳ මනා අවබෝධයක් ලබා දෙයි. සමීක්ෂණවාර්තාවන්ට  අනුව 2014 වසරේදී 82,854 ක් ලෙස වාර්තා වූ සමස්ත ශ්‍රම බලකාය 2018 වසරේදී 124,873ක් ලෙස වාර්තා වූ අතර එය 50.7% ක වර්ධනයකි. එම අගය 2019 වසරේදී 146,089 ක් දක්වා තවදුරටත් ඉහල යනු ඇතැයි අනුමාන  කෙරේ. 2010 වසරේදී 21% ක් වූ සමස්ත ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 2013 වසරේදී 29.7% ක් ලෙස ද 2018 වසරේදී 34% ක් ලෙස ද වර්ධනය වී ඇත. ICT ක්ෂේත්‍රයේ නියැලී සිටින ශ්‍රම බලකායෙන් 93% ක් වයස අවුරුදු 45 ටඅඩු  වයසේ පසුවන්නන් බවත් 80% ක පිරිසකගේ රැකියා අත්දැකීම් වසර 8 ට අඩු බවත් සමීක්ෂණය පෙන්වා දෙයි. ඊට අමතරව, නැගී එන තාක්ෂණික අංශ ඔස්සේ රැකියාව කරන ශ්‍රම බලකායෙන් 92% ක ප්‍රතිශතයක් නියෝජනය කරනුයේ ICT සමාගම් වන අතර එය මෙරට ICT ක්ෂේත්‍රයේ උන්නතිය සඳහා විශාල රුකුලකි. තවද, ICT ශ්‍රම බලකායේ 64.2% ක පිරිසක් සාමාන්‍ය උපාධිධාරීන්වන අතර ඒ අතරින් 69% ක් පිරිමි ශ්‍රමිකයන්වන අතර 30.3% ක් කාන්තා ශ්‍රමිකයන් වේ. මෙම ක්ෂේත්‍රයේ පශ්චාද් උපාධි ඩිප්ලෝමා මට්ටමේ ඉහල ම ප්‍රතිශතයවන 35% ක් කාන්තා ශ්‍රමිකයන්ට හිමි වී තිබීම ද මෙරට ICT ශ්‍රම බලකායේ ප්‍රමිතිය සහ අධ්‍යාපන මට්ටමට මැනවින් සාක්ෂ්‍ය දරයි.

     

    "IT-BPM ශ්‍රම බලකා සමීක්ෂණවාර්තාවමගින් මගින් ස්ත්‍රී/පුරුෂ නියෝජනයේ ප්‍රමිතිය, පුරප්පාඩු සඳහා සුදුසු පුද්ගලයන් පත් කෙරෙන බවට තහවුරු කිරීම සහ ICT ක්ෂේත්‍රය සවිබල ගැන්වීම යන අරමුණු ඉටුකර ගැනීම සඳහා දැවැන්ත වෙනසක් ඇති කරනු ඇති බව මාගේ විශ්වාසයයි. ඊට අමතරව, තිරසර ශ්‍රම බලකායක් ගොඩ නැගීමේදී මෙවැනි සමීක්ෂණ අත්‍යවශ්‍ය වනවා" යනුවෙන් අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශ කළේය.

     

    ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව විදුලි සංදේශන, පරිගණක සහ තොරතුරු සේවා අපනයන ආදායම 2018 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 995 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. 2018 වසරේ සමස්ත ආදායමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 848 ක් (85%) හිමිකර දී ඇත්තේ ICT සහ BPM සමාගම්ය. තවද ඇමරිකානු ඩොලර් මිලියන 147 ක් (15%) සඳහා විදුලි සංදේශන ක්ෂේත්‍රය දායකත්වයක් ලබා දී ඇත. ඒ අනුව, ICT ක්ෂේත්‍රය යනු ශ්‍රී ලංකාවේ ආර්ථිකයට පුළුල් දායකත්වයක් ලබා දෙන ක්ෂේත්‍රයක් වන අතර Artificial Intelligence, Internet of things (IoT), Virtual reality (VR), Augmented reality (AR) වැනි නවීන තාක්ෂණික ක්‍රමවේද සමගින් තාක්ෂණය මත පදනම් වූ අනාගතයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය හැකියාව දඑයසතුවේ.

     

    සමීක්ෂණ වාර්තාවට අනුව මෙම ක්ෂේත්‍රයේ ඉල්ලුම සහ සැපයුම අතර පරතරය පුළුල් වෙමින් පවතිනබවපෙන්වා දෙයි. එවැනි තත්ත්වයක් මත ICT ශ්‍රමිකයන්ගේ ප්‍රමිතිය, උපාධිධාරීන් නොවන ශ්‍රමිකයන්ගේ කුසලතා පුළුල් කිරීම සහ ICT අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම හරහා ඉල්ලුම සහ සැපයුම ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට සියලු පාර්ශ්වකරුවන් හට සුවිශේෂී කාර්යභාරයක් ඉටු කිරීමට සිදුවනු ඇත.

     

    ICT ශ්‍රම බලකාය ශීඝ්‍රයෙන් වර්ධනය වී ඇති අතර ICT කර්මාන්තවල නැගී ඒමත් සමග එම ක්ෂේත්‍රයේ උපාධිධාරීන් හට නව දොරටු රැසක් විවර වී ඇත. මෙම ශ්‍රම බලකා සමීක්ෂණය මගින් තීරණ ගැනීමේ සිට සැලසුම්කරණය, බඳවා ගැනීම, පාඨමාලා සැලසුම් කිරීම ආදී පුළුල් අවස්ථා රැසක් ආයෝජකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සේවායෝජකයන්, සංවිධාන සහ සිසුන් හට පෙන්වා දී ඇත. සමස්තයක් ලෙස ICT ක්ෂේත්‍රයේ ශක්තීන් සහ දුර්වලතා හඳුනා ගැනීම සඳහා මෙම සමීක්ෂණය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකර ඇත. ඉල්ලුම සහ සැපයුම අතර පවතින පරතරය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ මානව සම්පත් කුසලතා පරතරය පිළිබඳ යතාර්ථවත් දර්ශනයක් ගොඩනැගීම හරහා එම ක්ෂේත්‍රයේ අනාගතය සුබවාදී කර ගැනීමට ද එය ප්‍රධාන භූමිකාවක් ඉටු කරනු ඇත. විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන මගින් පිරිනමනු ලබන පාඨමාලා තවදුරටත් වැඩිදියුණු කර ගැනීමටත්  සිසුන් හට අනාගතයේ රැකියා ඉලක්ක කර ගනිමින් ඉහල ප්‍රතිලාභ සහිත වෘත්තීය ගමන් මගකට හිමිකම් කීමටත් ආයෝජකයන් හට තීරණාත්මක ආයෝජන සැලසුම් පිළිබඳ තීරණ ගැනීමටත්  ප්‍රතිපත්ති සම්පාදකයන් හට නව ප්‍රතිපත්ති සහ සැලසුම් යෝජනා කිරීමටත් මෙම සමීක්ෂණය මාර්ගෝපදේශකයක් ලෙස කටයුතු කරනු ඇත. තවද, ICT ක්ෂේත්‍රයේ සමාගම්  සහ වෘත්තීය සංවිධාන ද මෙම සමීක්ෂණය සාර්ථක කර ගැනීම සඳහා දායකත්වය ලබා දුන් අතර ඔවුන්ගේ සාමූහික උත්සාහය ද මෙහිදී කෘතවේදීව සිහිපත් කෙරිණි.