යාල පලටුපාන, සංචාරක කලාපයේ අංග සම්පූර්ණ සංචාරක නිවාස 28කින් සමන්විත නිකේතනයක් සංවර්ධනය කිරීම සඳහා අක්කර 7ක ඉඩමක් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති වටිනාකමට අනුව වාර්ෂික කල්බදු ගෙවිම සහ මූලික අත්තිකාරම් ගෙවිම අය කිරීමට යටත්ව, ඩුබායි හි පිහිටි සීමාසහිත වන් නේචර් (පුද්ගලික) සමාගමේ සහෝදර සමාගමට වසර 50ක කාලයක් සඳහා කල්බදු පදනම මත ලබා දීම පිණිස, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.