2019 වසරේ අයවැය මඟින් වෙන් කළ රුපියල් මිලියන 1500ක ප්රතිපාදනය භාවිත කරමින් ලබා ගත හැකි, පරිශීලක පහසුව සලසන නවීන පහසුකම් සහිත, වායු සමනය කළ පත්ල පහත් ඩීසල් බස් රථ සංඛ්‍යාව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත ප්‍රසම්පාදනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.