August, 7, 2019
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් සහ විස්සයි/20 ක්‍රිකට් තරග සදහා ප්‍රවේශ පත්‍ර අලෙවිය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙන අතර එම ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය www.srilankacricket.lk ඔස්සේ ලබාගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවී තිබේ.
මීට අමතරව ක්‍රීඩා ලෝලීන්ගේ පහසුව තකා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ ඇතුළු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ කිහිපයක ප්‍රවේශ පත්‍ර කවුළු පිහිටුවීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව ලබන 07 වැනිදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ ද ලබන 11 වැනිදා සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද සහ ලබන 27 වැනිදා සිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීද ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට උදාවනු ඇත.
අදාළ තරග සංචාරය යටතේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරග 2 කට විස්සයි/20 තරග 3 කට සහභාගිවීමට නියමිතය. දෙරට අතර ටෙස්ට් තරගාවලිය ලබන 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන 22 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
එම තරගාවලියෙන් පසු පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි/20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සැප්තැම්බර් 01 දාද දෙවැනි තරගය සැප්තැම්බර් 03 දාද සහ තෙවැනි තරගය සැප්තැම්බර් 06 වැනිදාද මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
ප්‍රවේශ පත්‍ර මිළ ගණන් පහත පරිදි වේ.

Video Story