August, 7, 2019
ඕස්ට්‍රේලියාවට අපනයනය කළ හැකි මල් හා විසිතුරු පැළෑටිවල වර්ධක ප්‍රචාරණය විය හැකි අයිතමවල ප්‍රරෝහණ හැකියාව නිෂ්ක්‍රීය කිරීමට භාවිතා කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 200ක් අපනයන සංවර්ධන මණ්ඩලයේ නිර්දේශය මත අදාළ අපනයනකරුවන් වෙත ලබා දීම සඳහාත්, උක් වගාවේ සුදු පත්‍ර රෝගය පාලනය කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 31,815 උක් පර්යේෂණ ආයතනය වෙත ලබා දීම සඳහාත්, වැලිගම පොල් කොළ මැළවීමේ රෝගය මර්දනය කිරීම සඳහා ග්ලයිෆොසේට් ලීටර 200ක් පොල් පර්යේෂණ ආයතනය වෙත ලබා දීම සඳහාත්, ඒ සම්බන්ධයෙන් පත් කර ඇති විශේෂඥ කමිටුව මඟින් නිර්දේශිත කොන්දේසිවලට යටත්ව වාර්ෂිකව ග්ලයිෆොසේට් ලීටර 32,215ක් ආනයනය කර සිපෙට්කෝ සමාගම මඟින් බෙදා හැරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story