August, 19, 2019
2019 අංක 5 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 අගෝස්තු මස 23 වැනි සිකුරාදා දින පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.
මීට පෙර 2019 මැයි 31 දින, 2019 අංක 3 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය නිවේදනය කරමින්, 2019 මැයි මස 30 වැනි දින පැවති රැස්වීමේ දී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කර තිබුණි.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පත් පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 7.50% සහ 8.50% දක්වා පදනම් අංක 50 බැගින් අඩු කිරීමට තීරණය වුණි.
2019 ජූලි 11 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අංක 4 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දෙනු ලැබූ අතර එහිදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණි.
Video Story