August, 26, 2019
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ පිළිබඳ නවතම වාර්තාවට අනුව 2019 අගෝස්තු 21 දිනට රජයේ සුරැකුම්පත්වල තිබෙන මුළු විදෙස් ආයෝජන ප්‍රමාණය රු. බිලියන 123.59 ක් ලෙසින් සටහන් වී ඇත.
කෙසේ වෙතත් ඊට සතියකට පෙර, එනම් 2019 අගෝස්තු 13 දිනට රජයේ සුරැකුම්පත්වල පැවති විදෙස් අයිතිය රුපියල් බිලියන 136.46ක් ලෙසින් සටහන් වූ අතර ඒ අනුව සතියක කාලපරිච්ඡේදයක් තුළ දී රුපියල් බිලියන 12.87කින් මෙම අගය පහළ ගොස් තිබේ.
මේ අතර 2019 ජූනි මාසය තුළ දී නිකුත් කරන ලද එ.ජ. ඩොලර් බිලියන 2ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුතු තුළින් වූ ලැබීම් ද සමඟ රටෙහි දළ නිල සංචිත, 2019 මැයි මස අවසන් වන විට වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 6.7 සිට 2019 ජූනි මස අවසන් වන විට එ.ජ. ඩොලර් බිලියන 8.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් විය.
Video Story