August, 27, 2019
ශ්‍රී ලංකාවේ ප්‍රධාන කෘෂි අපනයන භෝගයක් වන කුරුඳුවල අනන්‍යතාවය යුරෝපා වෙළඳපොල තුළ තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූ ගෝලීය දර්ශකය යුරෝපා සංගමයේ ලියාපදිංචි කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය කටයුතු කරමින් සිටී. මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් වන අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය, කුළු බඩු සංගමය, කුළුබඩු හා ආශ්රිත නිෂ්පාදන අලෙවිකරුවන්ගේ සංගමය යන පාර්ශව සියල්ල ඒකාබද්ධව කටයුතු කරයි.
ලෝක වෙළඳපොළට සත්‍ය කුරුඳු සපයන ප්‍රධාන රටක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රමුඛස්ථානයේ පසුවන්නේ ලංකා කුරුඳුවල ඇති ඉහළ ගුණාත්මකභාවය නිසාය. ලංකාවේ භූ ගෝලීය පිහිටීම, දේශගුණික හා පාංශු සාධක නිසා කුරුඳුවලට හිමිවන ආවේණික ලක්ෂණ මෙන්ම කුරුඳු නිෂ්පාදනයේදී අනුගමනය කරන පාරම්පරික ක්‍රමවේදයන් ද මෙම සුවිශේෂීතාවයට හේතුවේ.
ලෝක වෙළඳපොළ තුල කුරුඳු ඉල්ලුමෙන් 9.2%ක් ශ්‍රී ලංකාවෙන් සැපයෙන අතර ඉතිරිය ආදේශක කුරුඳු මගින් සපුරා ගනු ලැබේ. මෙම ආදේශක කුරුඳු වෙළඳපොළට පැමිණෙනුයේ චීනය, ඉන්දුනිසියාව, වියට්නාමය වැනි ආසියාතික රටවලිනි. කුරුඳු සඳහා මිල අඩු ආදේශකයක් වන එම කැෂියා කුරුඳු ප්‍රභේදය නිතර භාවිතය ශරීරයට අහිතකර බව පර්යේෂණ වලින් තහවුරු වී ඇත. ඒ කුරුඳු වල ඇති කුමරින් (Cumarin) නැමති අහිතකර රසායන
ද්‍රව්‍යය ලංකා කුරුඳු (0.02%) වලට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් (2%) අන්තර්ගත නිසාය.
ලංකා කුරුඳුවලට ඇති ඉහල මිල නිසා මෙම කැෂියා කුරුඳු ප්‍රභේදය ලංකා කුරුඳු නමින් විදේශ වෙළඳපොළ තුළ අලෙවි වේ. මෙම අවභාවිතය වලක්වා ගැනීම සඳහා හා ලංකා කුරුඳුවල ප්‍රමිතිය හා අනන්යතාවයතාවය තහවුරු කිරීම සඳහා ලංකා කුරුඳු භූ ගෝලීය දර්ශකය යුරෝපා සංගමය තුළ ලියාපදිංචි කළ යුතුය.
ඒ සඳහා වන මූලික පියවරක් ලෙස කුරුඳු කර්මාන්තයේ යෙදෙන සියලුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා කුරුඳු භූගෝලීය දර්ශක සංගමය පිහිටුවන ලදී. ලංකාවේ කුරුඳු කර්මාන්තයට අනුබද්ධිත ඕනෑම අයෙකුට මෙම සංගමයේ සාමාජිකත්වය ලබා ගත හැකි අතර වගාකරුවන්, සැකසුම්කරුවන්, අලෙවිකරුවන් හා අපනයනකරුවන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය දැන් සිදු වෙමින් පවතී. ඒ සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.
සංගමයට සාමාජිකයන් බඳවා ගැනීමේ හා පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ වැඩමුළු මේ වනවිට ගාල්ල, මාතර, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක ඉලක්ක කරගෙන සාර්ථකව පවත්වා ඇත.
කුරුඳු වගාකරුවන් උදෙසා යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) හා යහපත් නිෂ්පාදන පිළිවෙත් (GMP) පවත්වා ගැනීම පිළිබඳ උපදේශන කටයුතු අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් සිදු කරනු ලබයි. කුරුඳු නිෂ්පාදන ක්රිපයාවලිය තුළ අවම රසායනික පොහොර භාවිතය, ප්‍රමිතිය හා
සෞඛ්යෘරක්ෂිත බව තහවුරු කිරීම මෙම සහතික කරන ක්‍රියාවලිය මගින් අපේක්ෂා කෙරේ.
Video Story