වාහන ආනයන බදුවලින් රේගුවට රු. බිලියන 198 ක ආදායමක්

    August, 27, 2019

    2018 වසර තුළ දී රුපියල් බිලියන 919.05ක රාජ්‍ය බදු ආදායමක් අත්කර දීමට ශ්‍රී ලංකා රේගුව සමත් වී තිබේ. මෙය රුපියල් බිලියන 1,712.31ක් වන සමස්ත රාජ්‍ය ආදායමෙන් 53.7% කි.

    මෙහිදී 2018 වසරේ මෝටර් වාහන ආනයන බදු ආදායම රුපියල් බිලියන 198.77ක් ලෙසින් සටහන් වී තිබේ. මෙම අගය 2017 වසරේ සමස්ත මෝටර් වාහන බදු ආදායම වූ රුපියල් බිලියන 189.71 හා සැසඳීමේ දී 4.77% ක ඉහළ යාමකි.

    2018 වසරේ වැඩිම වාහන බදු ආදායමක් ලැබී ඇත්තේ ජූනි මාසයේ දීය. එය රුපියල් බිලියන 24,250 ක් වන අතර 2018 දෙසැම්බර් මාසයේ දී ලැබී ඇති රුපියල් බිලියන 11.07 වාහන ආනයනයෙන් අඩුම බදු ආදායමක් ඉපැයූ මාසය ලෙසින් සටහන් වේ.

    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රේගුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේ මේ බව සඳහන් වේ.