රේල්පීලි 5,000ක් ගන්න ඩොලර් මිලියන 2.32ක කොන්ත්‍රාත්තුවක් චීන සමාගමකට

    August, 28, 2019

    ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා EN 45 E1 (45’00”) R 260 - EN13674 වර්ගයේ රේල්පීලි 5,000ක් ප්‍රසම්පාදනය කරගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙහි නිර්දේශ මත ඇමරිකානු ඩොලර් 2,320,230ක මුදලකට M/s Angang Group International Panzhihua Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.