LED විදුලි පහන් සඳහා බලශක්ති කාර්යසාධන ප්‍රමිති ගැසට් කරයි

    September, 2, 2019

    ආලෝක විමෝචන ඩයෝඩ (LED) විදුලි පහන් සඳහා බලශක්ති කාර්යසාධන ප්‍රමිති

    ජනාධිපති කාර්යසාධන බලකාය හරහා ක්‍රියාත්මක වන ඉල්ලුම් පාර්ශවීය බලශක්ති කළමනාකරණ වැඩසටහන යටතේ කාර්යක්ෂමතාවය විදුලි උපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා විදුලි උපකරණවලට වෙන වෙනම බලශක්ති කාර්යසාධන ප්‍රමිති හදුන්වා දෙනු ලැබේ.

    ඒ අනුව රට තුළ භාවිතා කරන ආලෝක විමෝචන ඩයෝඩ විදුලි පහන් (LED) සඳහා තිබිය යුතු අවම කාර්ය සාධන ප්‍රමිතීන් හඳුන්වා දී එම විදුලි පහන්වල ගුණාත්මක බව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනතේ 67වන වගන්තිය යටතේ වන නියෝග හඳුන්වාදීම, එම නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.