September, 3, 2019
ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන UB Finance Company Limited (UBF) සඳහා මූලෝපායික විකල්පයක් වශයෙන් හඳුනාගනු ලැබූ ආයෝජකයෙකු/ ආයෝජකයින් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවට එහි මව් සමාගම වන යූනියන් බැංකුව, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
කෙසේ වෙතත් මේ වන තෙක් මෙකී ආයෝජකයා/ ආයෝජකයින් විසින් ස්ථීර තීරණයක් ගෙන නොමැති බව ද බැංකුව වැඩිදුරටත් කියා සිටී.
සෙලින්කෝ සමූහයට අයත්ව තිබූ සමාගමක් වූ ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි කම්පැනි ලිමිටඩ් (F&G), UB Finance Company Limited හි මුල් නාමයයි. 2000 දශකයේ අගභාගයේ දී සමූහය තුළ ඇති වූ අර්බුදකාරීත්වයක් සමඟම ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි කම්පැනි ලිමිටඩ් (F&G) බුංවත්භාවයට පත් වූ අතර 2011 වසරේ දී එය යූනියන් බැංකුව විසින් මිල දී ගනු ලැබීය.
කෙසේ වෙතත් ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි කම්පැනි ලිමිටඩ් (F&G) හි බොහෝ තැන්පතුකරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු වී නොමැති අතර, පසුගිය කාලයේ දී විටින්විට සිය තැන්පතු මුදල් නැවත ගෙවන ලෙස ඉල්ලා ඔවුන් උද්ඝෝෂණ කිහිපයක්ම පවත්වා ඇත.
Video Story