ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ගංවතුර සහනාධාර. ඩොලර් පනස්දාහකට කැබිනට් අනුමැතිය

    September, 4, 2019

    මෙම වර්ෂයේ ජූලි මාසයේ සිට බංග්ලාදේශයට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඇති වී ඇති බරපතල ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙන බංග්ලාදේශ මහජන රජය වෙත හදිසි ගංවතුර සහනාධාර වශයෙන් ඇමරිකානු ඩොලර් 50,000ක මුදලක් පරිත්‍යාග කිරීම පිණිස, විදේශ කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් අනූලක්ෂයකට ආසන්න වේ.