ටෙලිකොම් සමාගමේ ආයෝජනයට EPF, ETF, NSB, BOC, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ මහජන බැංකුවට උපදෙස්

    September, 4, 2019

    ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සමාගම, රජය සතු වෙනත් ව්‍යාපාර සහ දායකත්ව ආයෝජන අරමුදල් ගණනාවක් මඟින් 52.92%ක කොටස් හිමිකාරිත්වය පාලනය කරන සහ 2.1%ක කොටස් හිමිකම මහජනතාව සතු මෙරට ප්‍රධානතම විදුලි සංදේශ සේවා සැපයුම්කරු වේ.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් 2013 වර්ෂයේ දී හඳුන්වා දී ඇති නව රෙගුලාසියක් අනුව ලැයිස්තුගත සමාගම් හි ‘පොදු කොටස් නිදහසේ හුවමාරු වීම‘ අවම වශයෙන් 10% සීමාවේ පවත්වා ගැනීමේ අවශ්‍යතාව ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් සම්පූර්ණ කළ හැකි වනු පිණිස සේවක අර්ථසාධක අරමුදල, සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ලංකා බැංකුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල සහ මහජන බැංකුව යන රජය සතු ව්‍යාපාර සහ දායකත්ව අරමුදල්වලට සිය අධ්‍යක්ෂ මණ්ඩලයන් හි අනුමැතීන්ට යටත්ව ශ්‍රී ලංකා ටෙලිකොම් කොටස් ප්‍රාග්ධනයෙහි ආයෝජනය කිරීමට උපදෙස් දීම පිණිස මුදල් අමාත්‍යවරයා සහ විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඒකාබද්ධව කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.