රථවාහන වැරදි සම්බන්ධ දත්ත හා තොරතුරු කළමනාකරණය, ක්ෂණික දඩ මුදල් එකතු කිරීම සහ රියදුරු අවාසි සහගත ලකුණු ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ ඉලෙක්ට්‍රොනික විසඳුමක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවය සඳහා වන ජාතික නියෝජිතායතනයේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ක්‍රියාත්මක කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර ඇත.
ඒ අනුව සිදු කළ යුතු ශක්‍යතා අධ්‍යයනය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව පරිදි රුපියල් මිලියන 22.2 ක (බදු රහිත) ඇස්තමේන්තුගත මුදලට ඔවුන් මගින් සිදු කර ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.