September, 9, 2019
2019 අගෝස්තු 30 දිනට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින නිල විදෙස් සංචිත වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 8,532.6 ක් බව මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
මෙය 2019 ජූලි මාසය අවසානයේ දී පැවති ඩොලර් මිලියන 8,347.06 ක්වූ ජාත්‍යන්තර සංචිත වටිනාකම හා සැසඳීමේ දී ඩොලර් මිලියන 185.54ක ඉහළ යාමකි.
අගෝස්තු මාසය තුළ දී විදේශ විනිමය සංචිතය ඩොලර් මිලියන 7,356.83 සිට ඩොලර් මිලියන 7,494.7 ක් දක්වා ඩොලර් මිලියන 137.87කින් ඉහළ යාම මෙලෙස නිල විදෙස් සංචිතය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
තවද මහ බැංකුවේ රන් සංචිතයද මෙම මාසය තුළ දී ඩොලර් මිලියන 902.91 සිට ඩොලර් මිලියන 956.8 ක් දක්වා ඩොලර් මිලියන 53.89 කින් ඉහළ ගොස් ඇත.
Video Story