September, 18, 2019
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 හ 25/2014 (1) නිකුත් කරන ලද අවස්ථාවේ සදී එම චක්‍රලේඛයන් හි සඳහන් අවශ්‍යතා සම්පූර්ණ නොකිරීම නිසා සේවා ස්ථිරත්වය ලබාගැනීමට නොහැකි වූ සේවකයින්ට මෙන්ම චක්‍රලේඛ නිකුත් කිරීමෙන් පසු සේවා අවශ්‍යතාව මත රාජ්‍ය ආයතනයන් හි ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුවලට තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන දින 180කට වඩා සේවය කර ඇති සේවකයින්ට, අවශ්‍ය සුදුසුකම් 2019.09.01 දිනට සම්පූර්ණ කිරීම මත, එකී තනතුරුවලට ස්ථිර, විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබා දීම සඳහා අදාළ චක්‍රලේඛ ප්‍රතිපාදන බලාත්මක කිරීම පිණිස අග්‍රාමාත්‍ය, මුදල් අමාත්‍ය, රාජ්‍ය පරිපාලන අමාත්‍ය, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යවරුන් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story