September, 24, 2019
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2019 ජූලි මාසයේ පැවති සියයට 2.2 හි සිට 2019 අගෝස්තු මාසයේ දී සියයට 3.4 දක්වා ඉහළ ගියේය. පෙර වසරේ අනුරූප මාසයේ පැවති ඉහළ පදනම් අගය සහ ආහාර හා ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල සිදු වූ මාසික ඉහළ යෑම් මේ සඳහා දායක විය. මේ අතර, 2019 අගෝස්තු මාසයේ දී, ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම ලක්ෂ්‍යමය උද්ධමන අගයන් පිළිවෙලින් සියයට 0.6 සහ සියයට 5.9 ක් ලෙස වාර්තා විය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජා.පා.මි දර්ශකයෙහි වෙනස, 2019 ජූලි මාසයේ පැවති සියයට 1.9 හි සිට 2019 අගෝස්තු මාසයේ දී සියයට 2.0 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.
ආහාර සහ ආහාර නොවන යන කාණ්ඩ දෙකෙහිම අයිතමයන්හි මිල ගණන්වල දක්නට ලැබුණු ඉහළ යෑම් හේතුවෙන්, ජා.පා.මි දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.2 ක් ලෙස වාර්තා විය. ආහාර කාණ්ඩයෙහි කෙසෙල්, සහල් සහ මාළු මිල ගණන්වල ඉහළ යෑම් වාර්තා විය. මීට අමතරව, ආහාර නොවන කාණ්ඩයෙහි ප්‍රවාහන; මද්‍යසාර පාන වර්ග සහ දුම්කොළ; සහ රෙදිපිළි සහ පාවහන් උපකාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ද මෙම මාසය තුළ දී ඉහළ ගියේය.

Video Story