2025 දී සංචාරකයින් ලක්ෂ 50ක් ශ්‍රී ලංකාවට

    September, 24, 2019

    වසර 2025 දී ශ්‍රී ලංකාවට මිලියන 5ක සංචාරක ඉලක්කයක් ඉතා පහසුවෙන් සාක්ෂාත් කරගත හැකි බව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා පවසයි. ඊයේ (23) කොළඹ දී පැවති Cinnamon Future of Tourism Summit 2019 සමුළුවෙහි සැසිවාරයකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා මෙසේ පැවසීය.

    “අපේ පදනම තිබෙන්නේ බොහෝ පහළ මට්ටමක. මිලියන 2.3ක්.“

    “බාලි මේ අවුරුද්දේ මිලියන 7ක් බලාපොරාත්තු වෙනවා, කාම්බෝජියා මිලියන 5ක්, තායිලන්තය මිලියන 40ක්.“

    “මිලියන 5ක් කළමනාකරණය කර ගත හැකි මට්ටමක්. එය 2025 දී ඉතා පහසුවෙන් සාක්ෂාත් කරගත හැකියි.“