2030 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් කිරීමේ ධම්මිකගේ ක්‍රියාකාරී සැලැස්ම එළිදකී

    September, 25, 2019

    ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික ආදායම එක්සත් ජනපද ඩොලර් 4,000 සිට ඩොලර් 12,000 දක්වා ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සම්පාදනය කරන ලද ආර්ථික වර්ධන මූලෝපාය හා ක්‍රියාකාරී සැලැස්ම (SRI LANKA 2030: A DEVELOPED NATION - Economic Growth Strategy and Action Plan) ඊයේ (24) කොළඹ දී එළිදක්වන ලදී.

    2030 වසරේ දී ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරලීම සඳහා දියත් කරන ලද මෙය, අමාත්‍යාංශ 21 ක් වෙනුවෙන් පිළියෙල කරන ලද උපක්‍රම හා ක්‍රියාකාරී සැලසුම්වලින් සමන්විත වේ.

    මෙම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.