ගෝල්ෆේස් පිටිය සංවර්ධනයට රු. මිලියන 300ක් වෙන්කරයි

    September, 25, 2019

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2007 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ආයතනික හා සමාජීය වගකීම් (CSR) අරමුදලේ මුදල් භාවිතයෙන් මෙන්ම ස්වකීය අරමුදල් හා ජාතික අයවැය අරමුදල් භාවිතයෙන් ගාලු මුවදොර පිටියේ ඇතැම් සංවර්ධන කාර්යයන් ඉටු කරනු ලැබ ඇත.
    එබැවින්, යෝජිත 2019/2021 වර්ෂයේදී ආයතනික හා සමාජ වගකීම් අයවැය යටතේ ඇස්තමේන්තුගත මුළු පිරිවැය වන රුපියල් මිලියන 300ක මුදලක් වෙන් කිරීමට සහ ආසන්න වශයෙන් මාස 18ක් ඇතුළත අදියර වශයෙන් සංවර්ධන කාර්යය නිම කිරීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.