September, 26, 2019
2016 අංක 3 දරන සේවකයන්ගේ අවම වේතනය පනතට අනුව 2016 ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 10,000/- (රුපියල් 400x25)ක ජාතික අවම මාසික වැටුපක් හා රුපියල් 400/-(රුපියල් 50x8)ක ජාතික අවම දෛනික වැටුපක් නියම කර ඇත.
වැඩිවන ජීවන වියදම සලකා බලා එකී ජාතික අවම මාසික වැටුප දැනට පවතින රුපියල් 10,000/- සිට රුපියල් 12,500/- දක්වා රුපියල් 2,500/-කින්ද, ජාතික අවම දෛනික වැටුප රුපියල් 400/- සිට රුපියල් 500/- දක්වා රුපියල් 100/-කින්ද ඉහළ නැංවීමට හැකිවන පරිදි උක්ත පනතේ 3 වගන්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව 2016 අංක 03 දරන සේවකයන්ගේ අවම වේතනය පනතේ 3 වගන්තිය සංශෝධනය කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කළ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, අනතුරුව කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිසත් අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story