අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදලෙන් පාලම් 09ක් සබරගමුවට

    September, 26, 2019

    අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වන කුවේට් අරමුදල (KFAED) විසින් අරමුදල් සපයනු ලබන පාලම් 25ක් නැවත ඉදිකිරීමේ ව්‍යාපෘතියෙහි දෙවන පැකේජය යටතේ සබරගමුව පළාතේ ජාතික මහාමාර්ග ජාලයේ පවතින අබලන් හා පටු පාලම් 09ක් නැවත ඉදි කිරීමට සැලසුම් කර ඇත.

    ඒ අනුව දෙහිඕවිට - දැරණියගල මාර්ගයේ පාලම් 05ක්, ගලිගමුව - රුවන්වැල්ල මාර්ගයේ පාලම් 02ක් සහ කෑගල්ල - බුලත්කොහුපිටිය හා මාවනැල්ල හෙම්මාතගම යන මාර්ගයන්හි පාලම් 01 බැගින් නැවත ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s ELS Construction (Pvt) Ltd වෙත රුපියල් මිලියන 1289.76ක මුදලකට පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.