ශ්‍රී ලංකාවේ ඉමහත් ගෞරවාදරයට ලක්වූ සමාගම් 10ට සම්මාන

    September, 27, 2019

    ICCSL සහ CIMA ආයතනයන් මගින් ලක්කළ ආයතන (Most Admired Companies) 10 ක් සඳහා තිළිණ ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (25) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.

    එයිට්කන් ස්පෙන්ස්, ලංකා බැංකුව, CBL ඉන්වෙස්ට්මන්ට්ස්, සෙලින්කෝ ලයිෆ් ඉන්ෂුවරන්ස්, කොමර්ෂල් බැංකුව, ඩිල්මා සිලෝන් ටී, හැටන් නැෂනල් බැංකුව, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස් සහ සම්පත් බැංකුව මෙහිදී ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ ඉමහත් ගෞරවාදරයට ලක්කළ 10 ලෙසින් නම් කෙරුණි.  

    මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික නායකයින්, කථානායක කරූ ජයසූරිය, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, සංචාරක සංවර්ධනවනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක, ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සංදු, ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි යන මහත්ම මහත්මීන් සහ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් රැසක් සහභාගි වී සිටියහ.