September, 30, 2019
2019 වසරේ සැප්තැම්බර් 25 දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.7 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, ජපන් යෙන් සහ කැනේඩියානු ඩොලරයට හැර අනෙකුත් සියලු ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී ඇති බවයි.
කෙසේ වෙතත් 2019 අගෝස්තු 20 දින වන විට ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 3.0 කින් අතිප්‍රමාණය වී තිබිණි.
රුපියල 2019 ජූලි 17 වන විට එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 4.1කින් අතිප්‍රමාණය වී තිබුණු අතර ඒ අනුව 2019 ජූලි - සැප්තැම්බර් කාලපරිච්ඡේදය තුළ දී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාමක් දැක ගත හැකි වේ.
අද (30) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 179.8933 ක් වශයෙන් සටහන් වූ අතර විකුණුම් මිල වාර්තා වන්නේ රුපියල් 183.5647 ක් වශයෙනි.
මේ අතර අද (30) දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate), ශ්‍රී ලංකා රුපියල් 181.9272 වශයෙන් සටහන් වී තිබේ.
2018 වසර තුළ දී ඒක්සත් ජනපද ඩොලරය හමුවේ 16.4%කින් ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වුණි.
පහත දැක්වෙන්නේ 2019 ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලපරිච්ඡේදය තුළ දී ප්‍රධාන පෙළේ විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් හැරසිරුණු ආකාරයයි.




Video Story