September, 30, 2019
මුදල් අමාත්‍යාංශයේ ආර්ථික උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ දේශාල් ද මැල් මහතා සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ. 2019 සැප්තැම්බර් 26 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත.
මීට පෙර ඔහු 2012-2017 වකවානුවේ දීද සම්පත් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් කටයුතු කළේය.
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සාමාජිකයෙකු වන ඔහු ශ්‍රීලංකන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ද වේ. එසේම වෙරිටේ රිසච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂවරයෙකු ලෙසින් ද ඔහු කටයුතු කරනු ලබයි.
Video Story