October, 2, 2019
මහවැලි දියවරින් පෝෂණය වන සතර දිග්භාගයේ කර්මාන්ත ව්‍යවසායකයන්ගෙන් රටේ ආර්ථිකයට පණ පොවන දිරිය මිනිසුන් ප‍්‍රථම වතාවට ඇගයෙන “මහවැලි ව්‍යවසායකත්ව ජනාධිපති සම්මාන උලෙළ 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (01) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන මහවැලි කලාපවල ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් මෙම සම්මාන උලෙළ සංවිධානය කෙරිණි.
හොම ඳ ව්‍යවසායකයන් තිදෙනා වෙත රන්, රිදී සහ ලෝකඩ පදක්කම් පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර, රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 10ක් බැගින් ව්‍යවසායකයන් 30 දෙනෙකු මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබූහ.
රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාරිලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
Video Story