October, 2, 2019
ගබඩා පහසුකම් සඳහා යොදා ගත හැකි මීගමුව, කිඹුලාපිටියේ පිහිටි අක්කර 41.5 ක ඉඩම් අයිතිය සහිත සමාගමක් වූ W.U.S. Logistics (පුද්) සමාගමේ 100%ක හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ් ලැයිස්තුගත සමාගමක් වන ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී කටයුතු කර තිබේ.
මේ සඳහා ඇක්සෙස් ඉංජිනියරින් විසින් ආයෝජිත මුදල රුපියල් මිලියන 925 කි.
2019 සැප්තැම්බර් 30 දින මෙම ගනුදෙනුව සිදුව තිබේ.
2018 නොවැම්බර් 21 දින W U S Logistics (පුද්) සමාගම, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කරන ලදී. ගබඩා පහසුකම්, ශීතාගාර පහසුකම්, අභ්‍යන්තර අගය එකතු කිරීමේ හා බහු ඒකාබද්ධ සේවා, ශ්‍රවණාගාර, ව්‍යාපාර සන්නිවේදන මධ්‍යස්ථාන, ප්‍රදර්ශන මධ්‍යස්ථාන, ලොජිස්ටික් අධ්‍යාපන මධ්‍යස්ථාන සහ පර්යේෂණ හා සංවර්ධන පහසුකම් ආදිය සපිරි ලොජිස්ටික් උද්‍යානයක් ස්ථාපිත කිරීම මෙම ගිවිසුමේ අඩංගු විය.
ලංකා ආයෝජන මණ්ඩලය පැවසුවේ W U S Logistics (පුද්) සමාගම විසින් මෙම ව්‍යාපෘතිය සඳහා රු. බිලියන 8.9 (ඩොලර් මිලියන 49.8) ක් ආයෝජනය කරනු ලබන බවයි.
ඩබ්.යූ. සෙනෙවිරත්න ඇන්ඩ් කම්පැනි (පුද්) සමාගම, W U S Logistics (පුද්) සමාගමේ මව් සමාගමයි.
ඡායාරූපය - ඇක්සෙස් ඉංජිනියරින් පීඑල්සී හි සභාපති සුමල් පෙරේරා මහතා.
Video Story