May, 25, 2015
පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියර ඉදිකිරීමේ ප්‍රධාන කොන්ත්‍රාත්කාර සමාගම වන Metallurgical Corporation of China Ltd.(MCC) හි, ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ව්‍යාපෘතියේ පිරිවැය ඉහළ ගොස් ඇතැයි එල්ලවන චෝදනා අසත්‍ය බවයි.
මෙම සමාගම ලෝකයේ ප්‍රමුඛතම කොන්ත්‍රාත්කාර සමාගම් දහයෙන් එකක් බවත් කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ කොන්ත්‍රාත්කාර සමාගම ලෙස කටයුතු කළ බවත් සඳහන්ය.
පිටත වටරවුම් මාර්ගයේ දෙවන අදියර ආරම්භ කිරීමේ කොන්ත්‍රාත්තුව අත්සන් කළේ 2013 පෙබරවාරි 22 වනදා බවත් චීන එක්ස්සිම් බැංකුවෙන් ගැනීමට ගිවිසගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 494 ක් බවත් සඳහන්ය.
මාර්ගයේ අනිකුත් කොටස් සමග සැසඳීමේදී මෙම කොටසේ ඉදිකිරීම් පිරිවැය සාධාරණ හා තරගකාරී බව සමාගමේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් චීන තානාපති කාර්යාලය සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පාර්ශවයෙන් එකඟතාවයන් සඳහා සාකච්ඡා කළ කණ්ඩායම ලංකාව වෙනුවෙන් හැකි සෑම රුපියලක්ම ඉතිරි කර ගැනීමට උත්සාහ කළ බවත් ඔවුන් වෘත්තීයත්වයෙන් ඉහළ බවත් මෙම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙහි පිරිවැය කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ පිරිවැය සමග සරලව සංසන්දනය කිරීම විද්‍යාත්මක නොවන බවද වැඩිදුරටත් සඳහන් වේ.
දකුණු අධිවේගී මාර්ගයට කොට්ටාවේදී සම්බන්ධ වන පිටත වටරවුම් මාර්ගයේ පසුගිය රජය විසින් වැඩ ආරම්භ කළ දෙවන අදියර වන කඩුවෙල සිට කඩවත දක්වා කිලෝ මීටර් 8.9 ක කොටසේ වැඩ අවසන් කර විවෘත කිරීමට නව රජය මේ වනවිට සූදානම් වේ.
Video Story