සං‍ශෝධිත ඔට්ටු හා සූදු බදු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

    October, 16, 2019

    2019 අයවැය සහ 2019 අගෝස්තු මස 27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව, රුජිනෝ හැර අනෙකුත් සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වර්ෂයකට අය කරනු ලබන ගාස්තුව රුපියල් මිලියන 200 සිට රුපියල් මිලියන 400 දක්වා වැඩි කරමින් ද, රුජිනෝ සූදු ව්‍යාපාර පවත්වාගෙන යාම වෙනුවෙන් වන බද්ද වර්ෂයකට රුපියල් මිලියන 01ක් ලෙස නියම කරමින් ද, ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් පමණක් කැසිනෝ සඳහා ඇතුළත් වීමේ ගාස්තු අය කිරීම සඳහා ද, දළ එකතුව මත බද්ද 10% සිට 15% දක්වා වැඩි කරමින් ද නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඉදිරිපත් කර ඇති 1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත සංශෝධනය කිරීම සඳහා වන ඔට්ටු හා සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා එකී පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩගය විසින් අනුමත කර තිබේ.