October, 28, 2019
ලංකා IOC සමාගම 2019 සැප්තැම්බර් 30 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රුපියල් මිලියන 517.41 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. මෙය සමාගම විසින් 2018 සැප්තැම්බර් කාර්තුවේ දී වාර්තා කරන ලද රුපියල් මිලියන 207.31ක ලාභය හා සැසඳීමේ දී 149.58% ක වර්ධනයකි.
පසුගිය කාර්තුවේ දී සමාගමේ මූල්‍ය ආදායම රුපියල් මිලියන 155.79 සිට රු. මිලියන 226.72 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර මූල්‍ය වියදම් රු. මිලියන 546.53 සිට රු. මිලියන 281.51 ක් දක්වා අඩු කර ගැනීමට සමාගමට හැකියාව ලැබී තිබේ.
කෙසේ වෙතත් මෙම වකවානුව තුළ දී සමාගමේ ආදායම රු. බිලියන 25.55 සිට රු. බිලියන 21.45 දක්වා පහළ ගොස් ඇත.
2019 ජූනි 30 න් අවසන් මූල්‍ය කාර්තුවේ දී ලංකා IOC සමාගම බදු ගෙවීමෙන් පසු අලාභයක් වාර්තා කළ අතර එය රු. මිලියන 239.18 කි.
මේ අනුව 2019/20 මූල්‍ය වර්ෂයේ මුල් මාස 06 තුළ දී සමාගම් විසින් වාර්තා කර ඇති සමස්ත බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 278.23 ක් ලෙසින් සටහන්ව තිබේ.
Video Story