October, 29, 2019
කොටස් වෙළෙඳපොලෙහි ආයොජනය සහ සමාගමක් වශයෙන් ලැයිස්තුගතවීමට ඇති අවස්ථා පිළිබඳව දැනුවත් කිරිමේ අරමුණින් වැඩසටහන් දෙකක් පොලොන්නරුව නගරය කෙන්ද්‍ර කොටගෙන පසුගියදා පැවැත්විය. මෙම වැඩසටහන් කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරන ලදී.
ආයෝජකයින් කෙන්ද්‍ර කරගත් සමුළුව ‘කොටස් වෙළෙඳපොල නගරයෙන් නගරයට’ තේමාව යටතේ පැවත්වෙන වැඩසටහන් මාලාවේ 18වන වැඩසටහන විය. කොටස් වෙළෙඳපොල ආයෝජනය පිළිබඳව හැදින්වීමක් සහ කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් නියෝජනය කරන ක්ෂෙත්ර සහ ආයෝජන අවස්ථා පිළිබඳව පැහැදිලි කිරිමක් මෙහිදී සිදුකරන ලදී. කොටස් වෙළෙඳපොළ පිළිබඳව පුඑල් සාකච්ඡාවක් ප්‍රශ්නෝත්තර වටයේදී පවත්වන ලදී.
සොෆ්ට්ලොජික් ස්ටොක්බ්‍රෝකර්ස් ජ්‍යෙෂ්ඨ ආයෝජක උපදේශක මධුශංක රත්නායක මහතා, කැපිටල් එලායන්ස් සෙකියුරිටිස් සමාගමෙහි සහායක උපසභාපති - පර්යේෂක මහේෂ් උඩුගම්පළ මහතා සහ කොළඹ කොටස් හුවමාරුවෙහි අනුරාධපුර ශාඛා කළමනාකාර තාරක අමරසේන මහතා මෙම අවස්ථාවේදී අදහස් පළකළ අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි ප්රවීක්ෂණ අධ්යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ කොළඹ කොටස් හුවමාරුවෙහි මහනුවර ශාඛා කළමනාකාර ධනංනජය අබේසිරිවර් ධන මහතා සාකච්ඡා වටයට සහභාගි විය. ආශා සෙකියුරිටිස් සහ එල්.ඕ.එල්.සී සෙකියුරිටිස් යන සමාගම්වල නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගි විය.
පොලොන්නරුව ප්‍රදේශයේ ව්‍යවසායක ප්‍රජාව සඳහා සංවිධානය කර ලැබුනු Empower පුවරුව හඳුන්වා දීමේ වැඩසටහනට යහපත් ප්‍රතිචාරයක් දක්නට ලැබිණි. කොළඹ කොටස් හුවමාරුව විසින් සුළු සහ මධ්‍ය පරිමාණ සමාගම් සඳහා කොටස් නිකුත් කිරීමට අවශ්‍ය පදනම සලසා දෙන Empower පුවරුව පිළිබඳව සහභාගි වු ව්‍යවසායකයින් උනන්දුවක් දැක්වීම විශේෂත්වයක් විය .
රයිගම් වයඹ සෝල්ටර් න්ස් සමාගමෙහි විධායක අධ්යක්ෂ ජි.වි.පි.ජි. අමරසිංහ මහතා වැඩසටහනෙහි ප්‍රධාන දේශනය පවත්වමින් තම සමාගම කොටස් නිකුත් කිරිමේදී ලඳ අත්දැකීම් පිළිබඳව අදහස් ප්‍රකාශ කරන ලදී. මෙහිදී එතුමා විසින් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරිම සිට තමන් ආ ගමන් මඟ, එහි ප්රතිලාභ සහ අහියෝග පිළිබඳව පැහැදිලි කිරිමක් සිදු කෙරිණි.
Empower පුවරුවෙහි ලැයිස්තුගතකිරීමේදී තිබිය යුතු සුදුසුකම් පිළිබඳව CT CLSA ආයෝජන බැංකුකරණ සහායක උපසභාපති ඉශාන් ඇලියපොල විසින් අදහස් ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවෙහි ප්රවීක්ෂණ අධ්යක්ෂ ප්‍රභාෂ් වනිගතුංග මහතා සහ සහායක කළමනාකාර ලැයිස්තුගත කිරිම් චන්දන විජේසුන්දර මහතා මෙහිදී සාකච්ඡාව සඳහා සහභාගි වු අතර කොළඹ කොටස් හුවමාරුවෙහි අනුරාධපුර ශාඛා කළමනාකාර තාරක අමරසේන මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවන ලදී. Empower පුවරු අනුග්රාහකයන් වන CT CLSA කැපිටල්, සිටිසන්ස් ඩිවෙලොප්මන්ට් බිස්නස් ෆයිනැන්ස් සහ NDB ආයෝජන බැංකු නියෝජිත පිරිස්ද මෙම අවස්ථාවට සම්බන්ධ විය.
Video Story