Vistara කොළඹට ගුවන් ගමන් අරඹයි

    October, 29, 2019

    මුම්බායි සිට කොළඹ දක්වා නොනවත්වා ගමන්

    විස්තාරා සතරවන ජාත්‍යන්තර ගමනාන්තය කොළඹ වේ

    ඉන්දියා - ශ‍්‍රී ලංකා ගුවන් ගමන් මාර්ගයේ ප‍්‍රථම වරට පාරිතෝෂික සහිත පිරිමැසුම් පන්තිය

    ඉන්දියාවේ පූර්ණ  සේවා ගුවන් ගමන් සේවය හා ටාටා සහෝදරයින් සහ සිංගප්පූරු ගුවන් සේවය අතර බද්ධ ව්‍යාපාරයක් වන Vistara ගුවන් සේවය 2019 නොවැම්බර මස 25 දින සිට කොළඹට දිනපතා (බදාදා හැර) ගුවන් ගමන් ආරම්භ කරන බව ප‍්‍රකාශ කළේය. සීඝ‍්‍රයෙන් විහිදෙන තම ගුවන් ගමන් ජාලයේ සතරවන ගුවන් ගමනාන්තය මෙය වේ. තමන් සතු පන්ති තුනේ එයාර්බස් ඒ 320 නියෝ ගුවන් යානය මේ සඳහා යොදාගන්නවා ඇත. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ගුවන් මාර්ගයේ ගමන් සඳහා පාරිතෝෂික සහිත පිරිමැසුම් පන්තියක් ඉදිරිපත් කරන ප‍්‍රථම ගුවන් සේවය මෙය වේ. මුම්බායි නගරයෙන් බැහැර වෙනත් නගර වල පහසු ලෙස එක් නැවතුමක් සහිතව ගමන් කිරීමේ පහසුව ද, පාරිභෝගිකයින්ට ලැබේ.

    Vistara ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී, ලෙස්ලි තින්ග් මහතා මෙසේ පැවසීය, ”ශ‍්‍රී ලංකාව කරා විශාලතම සංචාරක මූලාශ‍්‍රය ඉන්දියාව වන හෙයින් ද, වානිජ හා සංචාරක ක්‍ෂේත‍්‍ර වල ඇති වර්ධනය හේතුවෙන් ද, විස්තාරා ගුවන් සේවයට ශ‍්‍රී ලංකාව බලාපොරොත්තු පිරි ගමනාන්තයක් වනවා. ඉන්දීය-ශ‍්‍රී ලංකා ගුවන් ගමන් මාර්ගයට ඉන්දියාවේ එකම තරු පහේ ගුවන් සේවය අප ඉදිරිපත් කරන විට, මේ ආරම්භය තුළින් ජනතාව අතර සංචාරය සඳහා ඇති ආශාව තව දුරටත් වර්ධනය වන බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා.”

     

    පුර්ණ දෙආකාර ගමන් සඳහා ගුවන් සේවය විසින් පහත දැක්වෙන පරිදි හඳුන්වාදීමේ ගමන් ගාස්තු ප‍්‍රකාශ කොට ඇත.

    මුම්බායි සහ කොළඹ අතර විස්තාරා ගුවන් සේවා

    (පහත සඳහන් සියළු වේලාවන් දේශීය වේලාවන් වේ)

    ඉහත සඳහන් ගුවන් ගමන් විස්තර අවසන් නියාමක අනුමැති වලට යටත් වේ.

    කොළඹ වෙත හා කොළඹ සිට ගුවන් ගමන් සඳහා ආසන වෙන් කිරීම්, www.airvistara.com විස්තාරා වෙබ් අඩවිය, විස්තාරා සඳහා iOS සහ ඇන්ඩ්‍රොයිඞ් ජංගම දුරකථන යෙදුම් සහ අන්තර්ජාල ට්‍රැවල් ඒජන්සි ඇතුළු සියලූ නාලිකා ඔස්සේ ක‍්‍රමයෙන් විවෘත කෙරෙනු ඇත.

    විස්තාරා යනු ස්කයිට‍්‍රැක්ස් (Skytrax) හා ට‍්‍රිප්ඇඞ්වයිසර් (TripAdvisor) විසින් ඉහළිින්ම ඇගයීමට ලක් කෙරුණු ඉන්දියානු ගුවන් සේවය වන අතර, ‘විශිෂ්ට ගුවන් සේවය‘ සම්මානය කිහිප වරක් දිනා ඇත. කෙටි කලක් තුළ ඉන්දියානු ගුවන් සේවා ක්‍ෂේත‍්‍රයේ මෙහෙයුම් සහ සේවා සැපයුම් සඳහා විස්තාරා විශ්වාසවන්ත ලෙස තත්වය ඉහළ නංවා ඇත. ඒ හෙයින් අද එය ඉන්දියාවේ එකම තරු පහේ ගුවන් සේවය යනුවෙන් හැඳින්වේ. (2020 එපෙක්ස් නිල ගුවන් සේවා ඇගයීම්). ඉදිරි වසර සතර තුළ පටු සහ නොපටු ගුවන් යානා 56ක් සේවයේ යොදා ඉන්දියාවේ සහ විදේශ වල විස්තාරා සේවාව සීඝ‍්‍රයෙන් වර්ධනය වේ. මේ අතරට දේශීය හා ජාත්‍යන්තර කෙටි හා මධ්‍යම දුර ගමන් සඳහා එයාබස් A320 නියෝ ගුවන් යානා 50ක් ද, ජාත්‍යන්තර දුර ගමන් සේවා සඳහා බොයිං ගුවන් යානා 6ක් ද, වේ.