November, 8, 2019
තරු 5 තරු හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම, මෙහෙයවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, LA’ MORE හෝටල් (පුද්ගලික) සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ. මෙය කාමර 176 ක දැවැන්ත හෝටල් ව්‍යාපෘතියකි.
මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 35 ක ආයෝජනයක් වන අතර 355 දෙනෙකුට මේ හරහා නව රැකියා අවස්ථා නිර්මාණය වේ.
මෙම ගිවිසුමට ශ්‍රී ලංකාවේ ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා මහතා සහ Amagi Group සභාපති එස්. ගනේෂනාදන් මහතා අත්සන් තැබූහ. මෙම හෝටල් ව්‍යාපෘතිය කළමනාකරණය කරන මාලදිවයිනේ Atmosphere Hotels & Resorts හි ව්‍යාපාර සංවර්ධන සභාපති ශ්‍රීකාන්ත් ඩෑෂ් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
Video Story