නව රජයේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය නොවැම්බර් 29 දා

    November, 18, 2019

    2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2019 නොවැම්බර් 29 දින පෙරවරු 7.30ට නිකුත් කිරීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සිකුරාදා (15), “අද දින (2019 නොවැම්බර් මස 15) නිකුත් කිරීමට නියමිතව තිබූ 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, මීට පෙර පැවති මුදල් ප්‍රතිපත්ති විවරණයේ දී දැනුම් දුන් පරිදි 2019 නොවැම්බර් 29 වැනි සිකුරාදා පෙරවරු 7.30ට නිකුත් කරනු ලබන බව දන්වා සිටිමු“, යනුවෙන් කියා සිටියේය.

    මේ අතර ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාපක්ෂ මහතා අද (18) දින දිවුරුම් දෙන ලදී. එහිදී ජාතිය අමතමින් රාජපක්ෂ මහතා පැවසුවේ, සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීම සඳහා ජනතාව විසින් ලබා දී ඇති ඓතිහාසික ජනවරම ක්‍රියාත්මක කිරීම සඳහා සිය ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් පිහිටුවනු ලබන බවයි.

    එබැවින් 2019 අංක 7 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය, නව රජයේ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය බවට බවටය පත් වනු ඇත.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය හා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පිළිබඳ ස්ථාවරය මෙහිදී දැනුම් දෙනු ලැබේ.