කොටස් වෙළෙඳපොළ තවදුරටත් ඉදිරියට – රු. බිලියන 1.4ක පිරිවැටුමක්

    November, 19, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද (19) දිනයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 13.20 ක වර්ධනයක් වාර්තා කළේය. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය වාර්තා වූයේ ඒකක 6,142.76 ක් ලෙසිනි. S&P SL20 දර්ශකය ද ඒකක 16.87 ක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 3,062.91 ක් ලෙසින් සටහන් විය.

    දිනය තුළ රුපියල් බිලියන 1.43 ක පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.30 ක් ලෙසින් වාර්තා වී තිබුණි. දේශීය විකිණුම් රු. බිලියන 1.05 ක් ලෙසින් වාර්තා වූ විදෙස් මිල දී ගැනීම් රු. මිලියන 130 ක් තරම් සාපේක්ෂ පහළ අගයක් ගත්තේය. අද දින විදේශීය විකිණුම් රු. මිලියන 385.91 කි.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ සිදු වූ ඉහළ යාමත් සමඟ, වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ වර්ධනය 1.49% ක් ලෙසින් වාර්තා වේ.

    අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා කොමර්ෂල් බැංකුව, සෙන්ට්‍රල් ෆිනෑන්ස්, හේමාස් හෝල්ඩිංග්ස්, මෙල්ස්ටාකෝප්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම් විසින් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.