November, 20, 2019
“VEGA“, ශ්‍රී ලංකාවේ පළමු සුපිරි කාරය (Super car) මේ වන විට කළ එළි බැස තිබේ. එහි නිර්මාතෘවරයා වන්නේ CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතායි. ආචාර්ය සුභසිංහ පවසන පරිදි මෙය ආසියානු කලාපය තුළ නිපදවන ලද පළමු සුපිරි කාරය ද වේ.
දැනට පරීක්ෂණ ධාවන තත්ත්වයේ පසුවන VEGA සුපිරි කාරය තත්පර 3.1 ක කාලයක දී පැයට කිලෝමීටර 100ක් දක්වා වේගයක් ලබා ගැනීමට සමත් වේ. ඉලෙක්ට්‍රික් කාරයක් වන මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් සන්නද්ධය. දැනට මෙය පැයට කිලෝමීටර 260 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිවේ.
අද දෙරණ 24 නාලිකාවේ “talk with CHATHURA” වැඩසටහන සමඟ එක්වෙමින් ආචාර්ය හර්ෂ සුභසිංහ පැවසුවේ උපරිම තාක්ෂණයෙන් යුතු කාරයක් නිෂ්පාදනය කිරීම තම අරමුණ වූ බවත්, එතුළින් තාක්ෂණය පිළිබඳ තම නිපුණතාවය ඉහළ නංවා ගැනීම අරමුණු වූ බවත්ය. එවිට අඩු තාක්ෂණයෙන් යුතු මොටර් රථ, මෝටර් බයිසිකල් ආදිය නිෂ්පාදනය කිරීම ඉතා පහසු කටයුත්තක් බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
CODEGEN සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එක් වූ talk with CHATHURA සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකිය.
Video Story